ව්‍යාප්තීකෘත කාංසාව නම් ආබාධය

ව්‍යාප්තීකෘත කාංසාව (විෂාදිය) නම් ආබාධය( GAD) ඔබගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය යන දෙකටම බලපෑම් කල හැකියි. රෝගී ලක්ෂණ වල ප්‍රබලතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. සමහර අයට බොහෝ රෝග ලක්ෂණ ඇති අතර සමහර අයට ඇත්තේ 1ක් හෝ 2ක් පමණි. කාංසාව ඔබට ආතතියක් ඇති කරමින් ඔබගේ එදිනෙදා ජීවිතයට බලපෑම් සිදු කරන්නේ නම් ඔබ ඔබගේ වෛද්‍යතුමා හමුවිය යුතුයි.

GAD වල මනෝ ව්ද්‍යාත්මක රෝගී ලක්ෂණ

GAD වලට ඔබගේ හැසිරීම, ඔබ සිතන ආකාරය සහ ඔබට වෙනත් දේ පිලිබඳව දැනෙන ආකාරය වෙනස් කල හැකි අතට, පහත ඒවා වැනි රෝගී ලක්ෂණ ඇති කරයි. එනම්:

  • අවිවේකීබවක් දැනීම
  • තැතිගැන්වීමක් හෝ බියක් දැනීම
  • "අද්දරක් මත" සිටින බවට නිරන්තරයෙන් දැනීම
  • සිත එකග කර ගැනීමට අපහසු වීම
  • නොරුස්සනා ගතිය

ඔබගේ රෝග ලක්ෂණයන් ඔබට කරදරකාරි හා බියගෙන දෙන හැගීම් ඇතිවීම වැලැක්වීමට, ඔබව සමාජ සම්බන්ධතා වලින්( ඔබගේ පවුලේ අය සහ මිතුරන් ආශ්‍රයෙන්) ඉවතට ඇද ගැනීම සිදු කල හැක. එලෙසම ඔබට රැකියාවට යාම අපහසු සහ ආතතිය ගෙන දීම මෙන්ම, රෝගී නිවාඩු නිතර ගැනීම ද සිදු විය හැකිය. මෙවැනි ක්‍රියාවන් නිසා ඔබගේ ආත්මාභිමානයේ අඩුකම තවත් ඉහල නැංවීමටත් ඔබ පිලිබඳව ම තවත් කරදරකාරි සිතිවිලි ඇතිකර ගැනීමටත් හේතු වේ .

GAD වල කායික රෝගී ලක්ෂණ

GAD වලට කායික රෝගී ලක්ෂණ ගණනාවක් ඇති කල හැක, ඒවා නම්:

කාංසාවේ ප්‍රේරක

ඔබට භීතිකාවක් හෝ හදිස්සියේ මහත් බියකට පත් වන ආබාධයකින්<1> පෙලීම නිසා ඔබ කාංසාවට පත්වනවා නම්, සාමාන්‍යයෙන් ඔබ එයට හේතුව කුමක්දැයි දන්නවා ඇත. උදාහරණයක් ලෙස ඔබට ක්ලොස්ට්‍රොෆෝබියාව (claustrophobia) (කුඩා ඉඩකඩකට කොටු වී සිටීමට ඇති බිය ඇත්නම්, කුඩා ඉඩකඩක කොටු වී සිටීම ඔබගේ කාංසාව ප්‍රේරණය කරන බව ඔබ දන්නවා. නමුත් ඔබට සාංකාව දැනෙන්නේ මන්දැයි යන්න සෑම විටම පැහැදිලි නොවෙන්නට ඉඩ ඇත. ඔබගේ කාංසාව ප්‍රේරණය කරනා දෙය කුමක්දැයි නොදැනීම එය තීව්‍ර කිරීමට මෙන්ම ඒ සදහා කිසිදු විසදුමක් නැතැයි ඔබට සිතිය හැක.